20 වැනි සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම අද

Share

20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති පෙත්සම් අද (29) දිනයේ සලකා බැලීමට නියමිතයි.

 

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.

අගවිනිසුරුවරයාට අමතරව බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලට ඇතුළත් වන අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39ක් ගොනුකර ඇත.

පසුගිය සිකුරාදා දිනය වන විට පෙත්සම් 18ක් ගොනුකර තිබු අතර ඊයේ (29) දිනයේ දී තවත් පෙත්සම් 21ක් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වී තිබු බව වාර්තා විය.

මේ අතර අදාළ පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

Read more

Local News