මෙරට කොරෝනා රෝගීන් ගණන 3362ක් දක්වා ඉහළට

Share

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 3362 දක්වා ඉහළ ගොස් ඇත.

 

ඒ තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (28) දිනයේ දී වාර්තා වූ රෝගීන් දෙදෙනා ලෙබනනයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බවයි.

මේ වන විට කොරෝනා රෝගීන් 140 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝගීන් 3210 කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 1203ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ ගණන 284,059ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද(29) දිනයේ උදෑසන අබුඩාබි, දෝහා කටාර් හා කටාර් සිට පුද්ගලයින් 97 දෙනෙක් මෙරට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

මේ අතර, අද දිනය තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 297ක් නිවෙස් බලා පිටව යෑමට නියමිත අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75ක් තුළ පුද්ගලයින් 6,882ක් නිරෝධායනය වෙමින් සිටින බව ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read more

Local News