මෙරට කොරෝනා රෝගීන් ගණන 3,374ක් දක්වා ඉහළට

Share

මෙරට කොරෝනා රෝගීන් ගණන 3,374ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

 

ඒ අද(30) උදෑසන වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 11ක් හදුනා ගැනීමත් සමගයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, ඔවුන් 11 දෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් අතරින් හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,374ක් වන අතර 3230 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

වෛරසය ආසාදිතයින් 131 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ අතර අද උදෑසන විදෙස් රටවල් කිහිපයක සිට ලාංකිකයින් 342 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථා වෙත යොමු කර තිබේ.

අද දිනයේ ත්‍රිවිද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සිට නිරෝධායන ක්‍රියාවලිය නිම කර පුද්ගලයින් 343 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත අතර මේ දක්වා නිරෝධායනය වීමෙන් පසු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 46,673කි.

ඊයේ දිනයේදී පුද්ගලයින් 1600 දෙනෙකු PCR පරීක්ෂණවලට භාජනය කර තිබේ.

Read more

Local News