ව්‍යාජ මුදල් නෝට්ටු සමග අයෙක් පොලිසියට කොටු වෙයි

Share

උඩුදුම්බර නිසාරුව ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

එම සැකකරු සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 39ක් සහ මුද්‍රණය සඳහා උපයෝගිකර ගන්නා තාක්ෂණික උපකරණ කිහිපයක් පොලීසිය භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ උඩුදුම්බර පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

Read more

Local News