ප්‍රබල මත් ජාවාරම්කරුවෙක්ගේ ගෝලයෙක් අල්ලයි

Share

ඊයේ (29) සවස 2.30ට පමණ හෙරොයින් සමග පුද්ගලයෙක් ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රිය පොළ අසල දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 520ක් සමග රත්මලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා විදෙස්ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන “රත්මලානේ අංජු“ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන ගෝලයෙක් බවට අනාවරණය වී තිබේ. සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලීසියට භාර දී ඇත.

Read more

Local News