ජනතාව විසින් ලබා දුන් බලය ගැන අකිල කියයි

Share

ජනාධිපතිවරයාට ජනතාව විසින් ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.

 

වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ අවස්ථාවට අධිකරණයට ඊයේ(29) දිනයේ පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසුවා.

වැඩ්දුරටත් අදහස් දක්වම්න් ඒ මහතා පැවසුවේ,

“එක්සත් ජාතික පක්ෂය 20 වෙනි ව්‍යවස්ථා කෙටුම්පතට පෙත්සම් දෙකක් ගොනු කළා. ඒ වගේම අපි ඒ සඳහා විරෝධතාවය පළ කරනවා. මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පුද්ගලයෙක් වටා එක්වෙනවට අපි විරුද්ධයි. විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභා, ඒ වගේම විගණනය, ජනාධිපතිවරයාගේ මුක්තිය ආදි කරුණු ගණනාවක් කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය විදියට අපේ විරෝධය පළ කරලා තියෙනවා විතරක් නෙමෙයි. ඒ වෙනුවෙන් අධිකරණයට එන්නත් අපි තීරණය කළා. පාර්ලිමේන්තුවට සංශෝධනය කරන්න එකඟවෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, ආණ්ඩුව කෙටුම්පතක් වශයෙන් ගෙනල්ලා තියෙන දේවල් බැලුවහම අපිට කිසිසේත්ම මේ රටේ නිදහස අගයන, මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අගයන කිසිවෙකුට එකඟ වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ජනාධිපතිතුමාට බලය දුන්නේ, විධායක බලය මිසක් ව්‍යවස්ථාදායක බලය නෙමෙයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තමයි ජනතා පරමාධිපත්‍ය බලය ඒ සඳහා ලබා දීලා තියෙන්නේ.“යනුවෙනි.

Read more

Local News