සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක් – අගමැතිගෙන් උපදෙස්

Share

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

 

සුරාබදු නිළධාරින්ගේ වෘත්තිය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ අරලියගහ මන්දීරයේ ඊයේ(30) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

සුරාබදු නිළධාරින්ගේ වෘත්තිමය ගැටළු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන බලපෑම් මත සුරාබදු නිළධාරින්ට ස්ථානමාරු ලබාදීම වහාම නවතා දමන ලෙස උපදෙස් ලබාදී තිබේ.

සුදුසුකම් සැපයු නිළධාරින්ට පමණක් ස්ථානමාරුවිම් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ප්‍රතිලාභ ලබන ස්ථානවල සේවය කරන සුරාබදු නිළධාරින් ස්ථානමාරු ක්‍රමවේදයට අනුව නියමිත කාලයට මාරු කිරීමට පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ‍.

Read more

Local News