හෝමාගම හා අවට ප්‍රදේශවලට මත්කුඩු බෙදා හැරිමේ නියෝජිතයන් ලෙස කටයුතු කළ පුද්ගලයින් දෙදෙනෙකු හෙරෝයින් ග්‍රෑම් 17ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පිළිබදව පොලිසියට ලද තොරතුරක් මත උපාය දූතයකු යොදවා සිදු කළ හදිසි වැටලීමකදී එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා හෝමාගම පදිංචි වයස අවුරුදු 28, 32 යන වයස් කාණ්ඩ වල පසුවන්නන් වන බව පොලිසිය පවසයි.
ඔවුන් කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇති බව හෙළි වී තිබේ.