පෙම්වතියට කේන්ති ආවාම යාළු කරගන්න ක්‍රමයක්

Share

අපි හැමෝටම කේනති එනවා. විශේෂයෙන් ගෑනු ළමයෙක් තමන්ගේ පෙම්වතා එක්ක ආදරෙන් බැඳිලා ඉන්නකොට ගොඩක් අහිංසක වුනත්, තරහ යන වෙලාවට නම් එහෙම නැහැ කියලා ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. පෙම්වතාගේ අතින් තමන්ගේ හිත රිදුනම ඉක්මනින්ම තරහ ගන්න එක ගොඩක් ගැහැණු ළමයින්ගේ ලක්ෂණයක්.

 

ඉතින් මෙහෙම කේන්ති ආවාම කේන්ති යන ස්වාභාවය තේරුම් අරන් තරහා වුන කෙනෙක්න යාළු කරගන්න විදිය මෙහෙමයි.

  • ආඩම්බර වෙන්නේ නැතුව මුලින් කතා කරන්න

ගොඩක් වෙලාවට ගෑනු ළමයි මතුපිටින් තරහ වෙලා හිටියට, හදවතින් තරහ වෙන්නේ නැහැ. පෙම්වතාගේ වරදක් නිසා හිත රිදවාගෙන කතා නොකර හිටියත්, ඇයටත් ඕනේ ඉක්මනින්ම පෙම්වතා එක්ක මිතුරු වෙන්නයි. ඉතින් ඒ බව අවබෝධ කරගෙන ඔබ මුලින්ම ඇය එක්ක කතා කරන වැඩේට අත ගැහුවොත්, ඔබ දෙදෙනාට ඉක්මනින්ම ආයෙත් මිතුරු වෙන්න පුළුවන් වේවි.

  • වරද ඔබේ අතේ නම් සමාව ඉල්ලන්න

සමාව ඉල්ලීම කියන්නේ ලැජ්ජාවට කරුණක් නෙවේ. කරපු වරදක් පිළිගැනීම හොඳ මහත්මා ගතිගුණයක්. එය ඔබට ඇය හා මිත්‍ර වීමට ඇති උනන්දුව පෙන්විය හැකි හොඳ ක්‍රමයක්. සමාව ඉල්ලීමෙන් අනතුරුව ඔබ නිහඬ වී සිටින්න. ඇයට මඳ කාලයක් ලබා දීමෙන් අනතුරුව ඇයම ඔබව සොයා ගෙන එනු ඇත.

  • ඇයට සවන් දෙන්න

ගැහැණු ළමයෙක්ව හීලෑ කර ගන්න හොඳ ක්‍රමයක් තමයි ඇයට සවන් දෙන එක. ඇය ඔබ එක්ක තරහින් නම්, ඇය සමඟ වාද කරන්නට යන්න එපා. ඇය කියන දේවල් අහගෙන ඉන්න. ඔබ ඇයගේ හැඟීම් වලට සවන් දෙන බව දකිද්දී ඇයගේ තරහ ඉබේටම නැති වෙලා යාවි. ඔබ ඇයව තේරුම් ගන්නා බව වැටහීමෙන් ඇයගේ වේදනාවන් ඉක්මනින්ම සමනය වෙලා යාවි.

  • ඇයව තුරුළු කර ගන්න

උණුසුම් වැළඳ ගැනීමකින් සහ මෘදු සිප ගැනීමකින් ගැහැණියකගේ සියලු වේදනාවන් සමනය කල හැකි බව කියවෙනවා. ඉතින් ඔබත් ඒ උපක්‍රමය අත්හදා බලන්න. ඔබේ පෙම්වතිය හෝ බිරිඳ තරහෙන් නම්, ඇයව මෘදුව වැළඳගෙන ඔබේ ආදරය දැනෙන්නට සලස්වන්න. ඇගේ සෘණාත්මක හැඟීම් වේගයෙන් පහ වී යනු ඇත.

  • ඇයව හිනා ගස්සන්න

විහිලු කතා කියලා, හිනා යන දේවල් කරලා පෙන්නලා අනිත් අයව හිනා ගස්සන විශේෂ හැකියාවක් හැම පිරිමි ළමයෙක්ටම වගේ තියෙනවා. ඉතින් ඔබේ ඒ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. බොරුවට බුම්බගෙන ඉන්න ඔබේ පෙම්වතියට විහිළුවක් කලොත්, ඇයට ඇගේ තරහ අමතක වෙලා හයියෙන් හිනා යාවි.

  •  ඇය එක්ක හදිසියේ හිනා වෙන්න

ඔබ සමඟ යමෙකු හිනා වුනාම ඔබේ මුහුණටත් ඉබේටම හිනාවක් ඇති වෙනවා. ඔබ තව කෙනෙක් එක්ක හිනා වෙන්න හිත හිතා නෙවෙයි. යමෙක් ඔබ එක්ක හිනා වුනාම, ඔබේ මුහුණ මතත් හිනාවක් මැවෙන්නේ ඉබේටමයි. ඉතින් ඔබටත් පුළුවන් මේ ක්‍රමය මඟින් ඔබේ තරහ වෙලා ඉන්න පෙම්වතියට හිතේ තියෙන තරහව අමතක කරවන්න. තරහ වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ හදිසියෙන් වගේ ඇය එක්ක හිනා වෙන්න. මවා ගත්තු හිනාවකින් නොව, හද පතුලෙන්ම එන සැබෑම හිනාවකින් ඇයට සංග්‍රහ කරන්න. ඇයට අනිවාර්යයෙන්ම ඔබ සමඟ තරහින් ඉන්න බව අමතක වෙලා, ඔබත් එක්ක හිනා වෙන්න පෙළඹේවි.

  • ඇගේ පාඩුවේ ඇයට ඉන්නට ඉඩ හරින්න

ඔබ මොන දේ කලත් ඇය දිගින් දිගටම තරහ පෙන්වන්නට උත්සාහ කරනවා නම්, හොඳම දේ ඔබ නිහඬ වීමයි. තව තවත් ඇයව මිතුරු කර ගැනීමට උත්සාහ කිරීම හෝ ඇය සමඟ දබර කිරීමට උත්සාහ කරන්නේ නම් ගැටලුව තව තවත් උත්සන්න වී යා හැකියි. මේ නිසා මෙවැනි අවස්ථාවකදී කල හැකි හොඳ දේ ඇයට ඇගේ පාඩුවේ සිටින්නට ඉඩ හැරීමයි. තනිව සිටීමේදී සහ වෙලාව ගත වීමේදී ඇගේ සිතේ තරහව කෙමෙන් කෙමෙන් අඩු වී යනු ඇත.

ඉතින් මෙන්න මේ විදියට කේන්ති එන කෙනෙක්ව තරහ වුනාම යාළු කරගන්න

Read more

Local News