කෝටි 600 බුදු පිළිමයක් අලෙවි කිරීමට උත්සහ කළ සිව්දෙනෙක් අල්ලයි

Share

නිල් මැණිකකින් නිර්මාණය කළ අඟල් 2ක් පමණ වන පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් රුපියල් කෝටි 600ක මුදලකට විකිණීමට සූදානම් වූ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ(04) සවස සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 26, 30 හා 40ක් වන රඹෑව, අනුරාධපුරය සහ පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද(05) මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News