කොවිඩ් සමාජය තුළ තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කළ යුතුයි

Share

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් කිහිපදෙනා හේතුවෙන් හදිසි තත්ත්වයක් ලෙස එය දැනුම්දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

එය සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය පාලනය කළ යුතු බව ද නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

දැනට රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිවුලපිටිය, වේයන්ගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පමණක් වන අතර, රටේ සෙසු ප්‍රදේශවල සිටින මහජනතාවට ද ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා පවසයි.

මහජනතාව රැස්වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටිම මහජන වගකීමක් බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

නිවෙස්වලින් පිටත පැමිණෙන විට මුහුණු ආවරණයක් සෑම විටම පැළඳිය යුතු බවත්, නිතර අත්සේදීම හා මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Read more

Local News