තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙයි

Share

දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ තවත් ආශ්‍රිතයින් 02 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවිකාවන් දෙදෙනෙකු බවත් ඔවුන් දෙදෙනා ප්‍රතිකාර ලබමින් සිටි කුරුණෑගල රෝහලේ සිට කොළඹ IDH රෝහල වෙත මාරු කර යැවූ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read more

Local News