දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (7) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
උතුර සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ අනාවැකියේ දැක්වෙයි.