CIDයේ නියෝජ්‍ය පොලිස්පතිට නීතිපතිගෙන් කැඳවීමක්

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරීයාට නීතිපතිවරයා විසින් කැඳවීම් නිකුත් කර තිබේ.

 

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරු රියාජ් බදියුදීන්ව නිදහස් කිරීමට අදාළ සියලු විමර්ශන ගොනු සමගින් හෙට(12) දින තමා හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා විසින් මෙම කැඳවීම සිදුකර ඇති බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනවිය පැවසීය.

Read more

Local News