ඇමෙරිකාවේ Michigan ප්‍රාන්තයේ තීරණාත්මක සෙනෙට් මැතිවරණය ආසන්නයේදී ඩිමොක්රටික් පක්ෂය තුළ අභ්‍යන්තර මතභේදයක් උත්සන්න වී තිබේ.
ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකත්වය සඳහා පැවති මූලික තරගයෙන් (Senate Primary) Abdul El-Sayed හමුවේ පරාජයට පත් වූ එම පක්ෂයේ කොංග්රස් මන්ත්‍රීවරියක වන Haley Stevens, රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් අපේක්ෂක Mike Rogers වෙත සහාය පළ කර තිබේ.
ඇය ඊයේ (01) Mike Rogers සමඟ ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර, ඉන් අනතුරුව X සමාජ මාධ්‍ය ජාලයේ පළ කළ වීඩියෝවකින් සිය තීරණය ප්‍රකාශ කළාය.
“මට Abdul ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වීමට අවශ්‍ය නැහැ. Michigan වැසියන් ලෙස අප නියෝජනය කරන්නේ වෛරය නොවේ. අපගේ ඩිමොක්රටික් අපේක්ෂකයාගෙන් මේ වන විට ප්‍රකාශ වන දේ ද අප නියෝජනය කරන්නේ නැහැ” යනුවෙන් ඇය සඳහන් කළාය.
පක්ෂ අපේක්ෂකයා වෙනුවට ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂකයාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් ඩිමොක්රටික් පක්ෂයේ ඇතැම් සාමාජිකයන් ඇයගේ ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක ඇති අතර, ඇතැමුන් එය “පිළිකුල්සහගත පාවාදීමක්” ලෙස ද හඳුන්වා තිබේ.
මිචිගන් සෙනෙට් මැතිවරණයේදී ඩිමොක්රටික් මන්ත්‍රීවරියක් රිපබ්ලිකන් අපේක්ෂකයාට සහාය පළ කරයි
Share
Read more



