චීන රජය වෙනිසියුලාව වෙත ලබා දෙන දෙවැනි මානුෂීය සහනාධාර තොගය වෙනිසියුලාවේ Puerto Cabello වරාය වෙත ළඟා වී ඇත. එහිදී එම සහනාධාර භාර ගැනීම සඳහා විශේෂ උත්සවයක් ද පැවැත්විණ.
මෙම ආධාර සැපයුම් තොගයේ බර ආසන්න වශයෙන් ටොන් 5000ක් වන අතර එයට ජංගම තාවකාලික නිවාස 1800ක් සහ බර වාහන උපකරණ 87ක් ද ඇතුළත් වන බව වාර්තා විය.
වෙනිසියුලානු වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් වීඩියෝ සබැඳිය හරහා උත්සවයට සහභාගී වෙමින් චීන රජයට සහ චීන ජනතාවට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළාය. එම සහනාධාර ද්‍රව්‍ය පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බෙහෙවින් සහාය වන අතර භූමිකම්පාවෙන් නිවාස අහිමි වූවන්ට සහ නැවත පදිංචි කිරීමේ කඳවුරු සකස් කිරීමට සහාය වනු ඇතැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
පසුගිය ජුනි 21වැනිදා වෙනිසියුලාවේ පිළිවෙලින් රික්ටර් මාපකයේ ඒකක 7.2ක සහ 7.5ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පා දෙකක් හට ගත් අතර එමගින් සැලකිය යුතු ජීවිත හා දේපළ හානි සිදු විය.
Share
Read more



