චීන-ස්විට්සර්ලන්ත නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කිරීමේ ලේඛනය අත්සන් කර ඇත. චීන වාණිජ අමාත්‍ය Wang Wentao සහ ස්විට්සර්ලන්ත ෆෙඩරල් රජයේ ආර්ථික, අධ්‍යාපන හා පර්යේෂණ දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ලේකම් සහ ආර්ථික කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් Helene Budliger Artieda විසින් එයට අත්සන් තැබූහ. චීන ජනාධිපති ෂී ජින්පිංගේ සහ ස්විට්සර්ලන්ත ෆෙඩරල් රජයේ සභාපති Guy Parmelinගේ සහභාගිත්වයෙන් එය සිදුවිය.
එම ලේඛනයට අනුව, පවතින නිදහස් වෙළඳ ගිවිසුම මත භාණ්ඩ, සේවා, ආයෝජන යන ක්ෂේත්රවල ඉහළ මට්ටමේ විවෘතභාවය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීනය හා ස්විට්සර්ලන්තය පොදුවේ එකඟත්වය පළ කර ඇත. එමෙන්ම නිෂ්පාදන සම්භවය ,වෙළඳ පහසුකම් සැලසීම, වෙළඳාම සම්බන්ධ තාක්ෂණික බාධක, ඩිජිටල් වෙළඳාම, තරඟකාරීත්වය, වෙළඳාම සහ තිරසර සංවර්ධනය යන ක්ෂේත්රවලට අදාළ රෙගුලාසී යාවත්කාලීන කරනු ඇතැයිද එහිදී ප්‍රකාශ කෙරිණ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, චීන වාණිජ අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කාර්යාංශයේ ප්‍රධානී පැවසුවේ එම ලේඛනය අත්සන් කිරීම ද්විපාර්ශ්වික වෙළඳ ආයෝජන සහයෝගිතාවන්හි සැඟවුණු හැකියාව තවදුරටත් නිදහස් කිරීමට ඉවහල් වනු ඇති බවය. ඉන් දෙරට ව්‍යවසායන්ට හා ජනතාවට වඩාත් වැඩි නවෝත්පාදන අවස්ථා හා සංවර්ධන වාසි ලබා දිය හැකිය. එමෙන්ම වර්තමානයේ අවිනිශ්චිත සාධක පිරි ජගත් පරිසරය යටතේ, එම ලේඛනය අත්සන් කිරීම මගින් දෙරට නිශ්චිතභාවය හා නිදහස් වෙළඳාමට අනුබල දීමේ පැහැදිලි ස්ථාරවය මනා ලෙස පිළිබිඹු වූ බවද චීන වාණිජ අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කාර්යාංශ ප්‍රධානියා පවසා ඇත.
Share
Read more



