සුනාමි අවදානමක් නෑ

Share

ඉන්දියානු සාගරයේ හටගත් භූචලනයක් පිළිබද තොරතුරු ඇතුළත් නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ජනතාව නොසන්සුන් වී ඇති බව වාර්තා වෙයි.

 

නමුත් එවැනි කිසිදු භූ චලනයක් සිදුව නොමැති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාළ නිවේදනය අසත්‍යයක් බවත් සියත පුවත් අංශය කළ විමසීමකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේ, අදට යෙදී ඇති ජාත්‍යන්තර සුනාමි පුහුණු දිනය නිමිත්තෙන් ඉන්දියානු සාගරය කේන්ද්‍ර කරගනිමින් කළ සිතියම්ගත මේස පුහුණු වීමක් (Table Top Exercise) අතුරතුර ඊට සහභාගී වූ කිසියම් පුද්ගලයෙකු කළ අසත්‍ය ප්‍රචාරයක් මෙවැනි කැළඹීමකට හේතු වී ඇති බවයි.

එම අසත්‍ය පුවත ප්‍රචාරය කළ පුද්ගලයා සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ් මහතා පැවසීය.

දිවයිනට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවත්, එවැනි භූ චලනයක් සිදුව නොමැති බවත්, මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දී තිබේ.

Read more

Local News