නීතිපතිගෙන් CID ප්‍රධානියාට උපදෙස්

Share

අද (15)දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා නීතිපතිවරයාගේ නිල කාර්යාලය වෙත කැඳවා තිබෙන බව වාර්තා වෙයි.

ඒ, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළාය.

“හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අයව අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට නීතිපතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ යන අයව අද දින කැඳවීමක් සිදු කළා. එම අවස්ථාවේදී නීතිපතිතුමා විසින් සඳහන් කරන ලද්දේ නීතියේ ආධිපත්‍ය රැක ගනිමින් කටයුතු කරන ලෙසටත් පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි මහජන විශ්වාසය නැතිවන අන්දමින් නොව ඇතිවන අන්දමින් කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබා දුන්නා. එසේම නීතිපති උපදෙස් හා අධිකරණ නියෝග හෑල්ලුවට ලක් නොකර අප්‍රමාදව කටයුතු කරන ලෙසටත් වැඩිදුරටත් සඳහන් කළා. තවද නීතියෙන් අවශ්‍ය පුද්ගලයින්ට රැකවරණය ලබාදෙන පුද්ගලයින් නීතියේ රැහැනට ගෙන ඒමට කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබා දුන්නා. තවද යුක්තිය ප්‍රමාදවීම යුක්තිය අහිමිවීමට තුඩුදෙන කරුණක් බවට වැඩිදුරටත් උපදෙස් ලබාදීමක් සිදුකළා. යනුවෙන් නිශාරා ජයරත්න මෙනවිය එම කැදවිම පිළිබඳ ව විස්තර කරමින් පැවසුවාය.

Read more

Local News