ඇඳිරිනීතිය කඩ කළ 265ක් අත්අඩංගුවට

Share

මේ වන විට ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 250කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ගත වූ පැය 24 තුළ පමණක්  පුද්ගලයින් 53ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 265ක් වන අතර මෙහිදී වාහන 48ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

Read more

Local News