රිෂාඩ් බදියුදීන් CID අත්අඩංගුවට

අද(19) අලුයම දෙහිවල ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම ප්‍රදේශයේ අවනැන් වූවන් පිරිසක් ඡන්දය භාවිතා කිරීම සඳහා ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථ යොදා ගැනිම මඟින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණි.