හුදකලා කළ මතුගම A/L සිසුන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව

Share

විශේෂ විභාග මධ්‍යස්ථානවල මතුගම අවට හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් තුනෙහි උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ.

 

ඒ අනුව තමන් පෙනී සිටි විභාග මධ්‍යස්ථානවලම වෙනම පරිශ්‍ර ඔවුන් සඳහා වෙන්කර ඇති බව මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාල් දිසානායක මහතා සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ සිට මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඕවිටිගල , බදුගම සහ බදුගම නව ජනපදය යන ග්‍රාම නිලධාරී වසම්  නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ බවට පත් කෙරුණු අතර ලාල් දිසානායක මහතා පැවසුවේ අදාළ ප්‍රදේශ හරහා මතුගම විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන සිසුන් සඳහා ද පහසුකම් සකස් කර ඇති බවයි.

Read more

Local News