මෙරට කොරෝනා රෝගීන් ගණන 5538ක් දක්වා ඉහළට

Share

මිනුවන්ගොඩ පොකුරෙන් ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 61ක් සමගින් මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 5538 දක්වා ඉහළ ගොස් තිබේ.

 

මේ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 2075 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

ජපානයේ සිට පැමිණ නිරෝධායනය මධ්‍යස්ථානයක සිටි දෙදෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 2122ක් වන අතර ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු සුවය ලැබුවේ ය.

මෙරට සුවය ලැබු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3402ක්.

Read more

Local News