විපක්ෂ නායක කොරෝනා දෙවැනි පෙළ ආශ්‍රිතයෙක් – සෞඛ්‍ය අමාත්‍යවරිය

Share

ඊයේ(22) දිනයේ කොවිඩ් 19 සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අතර උණුසුම් වචන හුවමාරුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය.

 

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ මේ වන විට කොවිඩ් 19 ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තියක් කරා ගමන් කර ඇති බවයි.

කොවිඩ් 19 වෛරසය තවමත් ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තියක් සිදුව නොමැති බවත් වසංගත රෝග විද්‍යාතනය තහවුරු කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

එසේම යාල ප්‍රදේශයෙන්  කොවිඩ් 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමගින් සජිත් ප්‍රේමදාස මහතා දෙවැනි පෙළ ආශ්‍රිතයෙක් බවට හඳුනාගත් වහාම සෞඛ්‍ය අංශවිසින් ඔහුට දැනුම් දීම් කළ බව සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී පැවසීය.

තමන්ට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා.

Read more

Local News