කෑගල්ල රෝහලේ වෛද්‍යවරියන් තිදෙනෙකුටත් කොරෝනා

Share

කොරෝනා රෝගීන් 23ක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවත් ඒ අතර කෑගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙකු ද සිට්න බවත් කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

 

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා,“කෑගල්ල රෝහලේ භාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක්ට කොරෝනා රෝගය ආසාදනය වු බවට අපිට පසුගිය දිනක තහවුරු වුණා. එයින් එක් වෛද්‍යවරියක්ගේ ස්වාමිපුරුෂයාට රෝගය වැළඳී ඇති බවට පෙරම තහවුරු වුවා. ඊට අමතරව, ඇයගේ පුතාට රෝගය වැළඳී තිබුණා. එම වෛද්‍යවරියගේ බාල දියණිය සහ ගෘහ සේවිකාවට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. මේ වන විට අපි ඔවුන්ව කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත පිටත් කර යවා තිබෙනවා.“ පැවසීය.

Read more

Local News