නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

Share

ශ්‍රී ලංකාව සදහා අලූතින් පත් කෙරුණු නව තානාපතිවරු තිදෙනෙකු අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

 එස්ටෝනියා ජනරජය, පේරු ජනරජය සහ තායිලන්තය සදහා මෙම නව තානාපතිවරුන් පත් කර තිඛෙන අතර ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01- Mr.Riho Kruuv-   Ambassador of the Republic of Estonia

02- Mr.Jorge Juan Castaneda Mendez – Ambassador of Peru

03- Mrs. Chulamanee Chartsuwan- Ambassador of Thailand

ඉතා ශක්තිමත් මිත්‍ර සබදතා සහිත ජාතීන් අතර ආර්ථීක සබදතා සවිමත් කර ගැනීමෙන්  ද්විපාර්ශ්වික මිත්‍රත්වයේ තිරසාර බව සහතික කළහැකි බව ජනාධිපතිතුමා මෙහිදී නව තානාපතිවරුන් අමතමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථීක සංවර්ධනය මෙන්ම ආයෝජන සහ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් නව තානාපතිවරුන් කැපවී කටයුතු කරනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

අමාත්‍ය තිලක් මාරපන, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News