සහරාන්ගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Share

ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාම් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් 05ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.

 

මාස 18කට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත සිටි මෙම සැකකාරිය ඇතුළු 06 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර ඇත.

ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරීපත් කිරිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ සයින්දමරුදු පිපිරිමෙන් පසු සහරාන්ගේ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇය රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියේය.

සහරාන් හෂිම්ගේ බිරිඳ ඊයේ (22) දිනයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.

එහිදී ඇය සාක්ෂි ලබා නොදුන් අතර, සහරාන් හෂිම්ගේ බිරිඳගෙන් සාක්ෂි ලබා ගැනිම සිදුකරන්නේ ද නැද්ද? යන්න සම්බන්ධයෙන් අද දිනයේ දී තීරණයක් ලබාදීමට නියමිතව තිබේ.

ඊයේ දිනයේදී ඇය සාක්ෂි ලබාදීම සඳහා කොමිසම වෙත කැඳවා තිබුණ ද ඇයගෙන් සාක්ෂි විමසීම සිදුකෙරුණේ නැත.

Read more

Local News