මාළු පාරිභෝජනයෙන් වැළකී සිටින්න අවශ්‍ය නෑ

Share

මේ අවස්ථාවේදී මාළු පාරිභෝජනයෙන් වැළකී සිටීමේ කිසිම අවශ්‍යතාවක් නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.

 

වෙෙද්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ “කොවිඩ් 19 වෛරසය නොයෙක් පෘෂ්ඨයන් තුළ එක්තරා කාලයක් පවතින්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ පිළිබඳව තොරතුරු හොයාගෙන තිබෙනවා. වූහාන් ප්‍රාන්තයේ ආරම්භයේදී මේ රෝගය ව්‍යාප්ත වුණේ මාළු වෙළඳසැලක් ආශ්‍රිතව. ඒ නිසා අපි තවමත් නිශ්චිතව කියන්න දන්නේ නෑ මාළුන්ගේ පෘෂ්ඨයේ මේ වෛරසය තැවරිලා තිබෙනවානම් ආසාදිතයෙකුගෙන් එය කොයිතරම් දුරකට ව්‍යාප්තවීමට බලපානවද කියලා.

නමුත් ඒ නිසා මාළු අනුභවයෙන් වැළකී සිටීමේ කිසිම අවශ්‍යතාවක් නෑ. යම්කිසි විදිහකින් මාළු පිරිසිදු කිරීමක්, අතපත ගෑමක් ස්පර්ශ කිරීමක් සිදුවෙනනවා නම් ඉන් පසුව අත හොඳට හොදනවානම්, මුහුණ ඇල්ලීමෙන් වළකිනවානම් අපිට පුළුවන් මාළුන්ගේ පෘෂ්ඨය මත කොවිඩ් වෛරසය රැදී තිබෙනවානම් එය තවත් අයෙකුට පැතිරීම වළක්වා ගැනීමට” හැකිවන බවයි

Read more

Local News