EPF අයදුම්පත් භාර ගැනීම ගැන නිවේදනයක්

Share

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනීම ළඟම පිහිටි කම්කරු කාර්යාලය මගින් පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.

 

කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත සේවාවක් සැපයීම සඳහා එම තීරණය ගත් බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඒ අනුව,කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි සාමාජිකයින් ප්‍රතිලාභ අයදුම්පත් භාරදීම සඳහා පහත සඳහන් දුරකථන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නා ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

සාමාන්‍ය ප්‍රතිලාභ – 0112368904, 0112368911, 0112368490

30% පුර්ව ප්‍රතිලාභ – 0112368252, 0112501249

මේ අතර ආසන්නම කම්කරු කාර්යාලයේ දුරකථන අංකය ලබාගැනීම සඳහා www.labourdept.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්නැයි කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News