හෙට සිට අත්හිටුවන දුම්රිය ගමන්වාර

Share

හෙට (26) දිනයේ සිට ප්‍රධාන මාර්ගයේ, කැලණි වැලි මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ කාලසටහන අනුව ධාවනය වන සියලුම දුම්රිය ගමන්වාර අත්හිටුවීමට තීරණය කර තිබේ.

 

අපොස උසස් පෙළ සිසුන් සඳහා ප්‍රධාන මාර්ගයේ පමණක් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව, පුත්තලම මාර්ගයේ කොළඹ කොටුව සිට හලාවත දක්වා උදෑසන 9.35ට, දහවල් 2.35ට, සහ සවස 6.5ට ධාවනයවීමට නියමිව තිබූ දුම්රියත්, පුත්තගම මාර්ගයේම කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා සවස 4.40ට , සවස 5.20ට, සවස 5.40ට, සවස 6.45ට සහ කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා සවස 5.50ට ධාවනයවීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර අවලංගු කර තිබේ.

මුහුදුබඩ මාර්ගයේ මරදාන සිට අලුත්ගම දක්වා දහවල් 11.10ට, දහවල් 2.05ට, සවස 4.45ට, සවස 6.25ට, සවස 7.45ට සහ මරදාන සිට පානදුර දක්වා දහවල් 3.20ට ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර ද අවලංගුකර ඇත.

එමෙන්ම කැලණිවැලි මාර්ගයේ සවස 4.25ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනයවීමට නියමිතව තිබූ දුම්රියත් සවස 6.30ට කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ධාවනයවීමට නියමිතව දුම්රිය ගමන්වාරයන් ද අවලංගු කිරීමට තීරණය කර තිබේ.

මේ අතර, කොළඹ කොටුව දුම්රිය ස්ථානය පිහිටි ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවා ඇති බැවින් ගාල්ල දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හැර කොළඹ කොටුවෙන් ආරම්භ වන සෙසු සියලු රාත්‍රී තැපැල් දුම්රිය ගමන්වාර අවලංගුකර තිබේ.

Read more

Local News