කොළඹට පැමිණෙන සියලුම දුර ගමන් බස් ධාවනය නවතයි

Share

කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් යළි දැනුම්දෙන තුරු කොළඹට පැමිණෙන සියලු දුර ගමන් සේවා බස් ධාවනය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කළේය.

 

මීට අමතරව නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යල ද නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වම්න් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, දැනට කොළඹ පවතින තත්ත්වය හේතුකොට ගෙන කොළඹට පැමිණෙන දුරගමන් සේවා ගමන්වාර අවලංගු කිරීමට සෞඛ්‍ය අංශවලින් අපිට උපදෙස් දීලා තියෙනවා. ඒ කියන්නේ කොළඹට එන දුරගමන් සේවයක් තිබුණානම් ලංගම සහ පෞද්ගලික බස්රථ ඒවා ගමන් ආරම්භයේ සිටම පිටත් වෙන්නේ නෑ. ඇඳිරි නීතිය තිබුණේ නිට්ටඹුවෙන් එහාට නම් ඒ බස් නිට්ටඹුව දක්වා ගමන් කරා. දැන් එහෙම කරන්නේ නෑ. ඒ බස්රථ ගමන් ආරම්භයෙන් ම අවලංගු කරලා තියෙන්නේ. ලංගම හා පෞද්ගලික සියලූම බස්රථ සඳහා මේක අදළයි. කොටුවේ සියලූම බස්නැවතුම් පොළවල් ඇඳිරි නීතිය පවතින සීමාවට ඇතුළත් වීම මෙයට එක් කාරණයක්.“

“ඒ වහේම නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයත් වේරහැර තියෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයත්, වේරහැර තියෙන වෛද්‍ය ආයතනය හා නුගේගොඩ තියෙන ප්‍රවාහන වෛද්‍ය ආයතනය නැවත දැනුම්දෙන තුරු අපිට මහජනතාවට වහන්න සිද්ධ වෙනවා. “

මේ අතර පවතින තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයක තැපැල් හා උප තැපැල් කාර්යාල මඟින් ලිපි බෙදාහැරීමේ කටයුතු ද නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබේ.

ඒ අනුව බස්නාහිර පළාතෙත්, ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය සහ එහි පාලිත උප තැපැල් කාර්යාල ඇතුළු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ කිහිපයක ලිපි බෙදාහැරිම් කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

එමෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු ද නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News