ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල වෙළෙඳසැල් විවෘත කරන දින

Share

ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය අලෙවි සැල් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කර තබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 

කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ආහාර හා ඖෂධ අලෙවි සැල් සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකම පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කිරීමට අවස්ථාව ලබාදෙන බව ඒ මහතා සදහන් කළේය.

No description available.

Read more

Local News