අද උදෑසන වන විට මෙරට කොරෝනා රෝගීන් ගැන සවිස්තරාත්මක නිවේදනයක්

Share

අද(02) දින උදෑසන වන විට මෙරට්න් කොරෝනා රෝගීන් 397ක් හදුනාගෙන තිබේ.

 

ම්නුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද උදැසන වන විට සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 7582ක් වෙයි. ඉන් පුද්ගලයින් 1041ක් අදාල ඇගළුම් කම්හලේ සේවකයන් වන අතර ඉතිරි පුද්ගලයින් 6541 ඒ කම්හලේ කාෙවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වෙයි.

අද උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 03ක් මෙරටට පැම්ණ තිබේ. ඒසේ පැම්ණි පුද්ගලයින් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව මගින්  පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සදහා සූදානම් කර තිබේ.

අද දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 228ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියම්තව ඇත.

ඒ අනුව පල්ලේකැලේ කෘෂිකර්ම පුහුණු පාසල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 69ක්

ගල්කිස්ස හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 01 ක් ද

හෝටල් ගෝල්ඩි සැන්ඩ් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 08 ක් ද

මීරිගම ගුරු විද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 18ක්

විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 132 ක් ද

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද දිනය වන විට පුද්ගලයින් 61995 ක් නිරෝධාන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 45 ක් තුළ පුද්ගලයින් 4039ක් නිරෝධායනය වෙම්න් සිටියි.

ඊයේ(01) දිනයේ PCR පරීක්ෂණ 11087ක් සිදු කර ඇති අතර මේ වන විට මෙරට තුල PCR පරීක්ෂණ 523822 ක ප්‍රමාණයක් සිදු කර තිබේ.

අද දිනයේ උදෑසන 6.00 වන විට පුද්ගලයින් 506ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර අදාල පුද්ගලයින් 506 දෙනා ම්නුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් පුද්ගලයින් බව වාර්තා වෙයි.

Read more

Local News