ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ස්වයං නිරෝධායනයට යොමු වෙයි

Share

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රොස් ඇඩිනම් ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රොස් ඇඩිනම් කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ඇසුරු කළ පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටීන් වැළඳී ඇති බවට දැනගත් පසු තමන් ස්වයං නිරෝධායනට යොමු වු බව ටෙඩ්රොස් ඇඩිනම් සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

තමන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද ඔහු සිය ට්ව්ටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read more

Local News