ගොඩනැගිල්ලකින් වැටී ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට

Share

ඊයේ(02) රාත්‍රියේ තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

 

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සේවය කළ සෙබලෙකු එම කඳවුරේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලකින් වැටී මෙලෙස මියගොස් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අනතුර සිදු වූයේ කෙසේ ද යන්න පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණ වී නොමැති අතර, චීන වරාය පොලීසිය සහ ගුවන් හමුදාව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Read more

Local News