අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ

Share

ඇමරිකාවේ පාලන බලය හිමිවිය යුත්තේ කාට ද යන්න පිළිබඳ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

මෙවර ජනාධිපති සටනේදී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් තරඟ වදින වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින්නේ හිටපු උප ජනාධිපතිවරයෙකු වන ජෝ බයිඩ්න්.

ජාතික මට්ටමේ මත විමසුම්වලට අනුව ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටියද, තියුණු තරගයක් පැවතිය හැකි ප්‍රාන්තවල ප්‍රතිඵලය මත මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා තීරණය කෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබීම සඳහා අපේක්ෂකයෙකු ඡන්ද විද්‍යාල 538 න් 270 ක බලය හිමිකර ගත යුතු වන අතර ජනගහණය අනුව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට හිමිවන ඡන්ද විද්‍යාල සංඛ්‍යාව වෙනස් වන අතර, ඡන්ද විද්‍යාල 270 ඉක්මවා ජය ලබන අපේක්ෂකයා, ධවල මන්දිරයට තේරී පත්වනු ඇති.

මෙවර මැතිවරණයේ ජයග්‍රහකයා ලබන වසරේ ජනවාරි 20 වැනිදා ජනපති ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

78 හැවිරිදි ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත්, ඔහු ඇමරිකානු ජනපති ධූරය දරන වයස්ගතම ජනාධිපතිවරයා බවට පත්වන අතරම බලයේ සිටින ජනාධිපතිවරයෙකු පරදා ප්‍රතිවාදි අපේක්ෂකයෙකු වසර 28කට පසු ලබන එම ජයග්‍රහණය එරට ඉතිහාසයට එක්වනු ඇති අතර මින් පෙර එවැනි සිදුවීමක් වාර්තා වූයේ 1992 වසරේදී වන අතර එම වසරේ බලයේ සිටි රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් පරදා ඩිමොක්‍රටික් පක්ෂයේ බිල් ක්ලිංටන් ජනාධිපති ධූරයට පත්විමත් සමගයි.

Read more

Local News