ඉසුරුපාය හෙට සිට යළි විවෘත කෙරේ

Share

කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනිම හේතුවෙන් තවකාලිකව වසාදැමූ ඉසුරුපාය හෙට(05) සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

ආයතන පරිශ්‍රය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළිත් විවෘත කිරීමට තීරණය කළ බවයි අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ.

ඉසුරුපාය පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකුට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වී ඇති බව ඊයේ(03) දිනයේ වාර්තාවීමත් සමග එම පරිශ්‍රය තවකාලිකව වසා දැමිමට බලධාරින් පියවර ගත්තේය.

Read more

Local News