සහරාන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්

Share

ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා, ඇතුළු සැකකරුවන් හයදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙස අලුත්කඩේ අංක 07 මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කර තිබේ.

 

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අසරුඩීන් මොහොමඩ් ඉල්මි, අබ්දුල් හමීඩ් මොහොමඩ් රිෆාස්, මොහම්මදු මෂ්නුක් මොහහොම්මදු රිලා, මොහොම්මදු අමීර් එම් අයතුල්ලා, මොහොමඩ් මුබාරක් මොහොමඩ් රිෆායිල් යන පුද්ගලයින් වන බව වාර්තා වෙයි.

රට තුළ පවතින කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකළ අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් නිරීක්ෂනය කළ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කරනු ලැබිය.

මොහොමඩ් මුබාරක්ගේ බිරිඳ වන අයේෂා සිද්ධිකා මොහොමඩ් වසීම් නැමැති සැකකාරිය පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ වී ඇති බව ඉකුත් නඩු දිනයේ අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව කොටුව අධිකරණයට දැනුම් දුන් අතර කිංග්ස්බරි හෝටලය ඇතුළු හෝටල් වලට සහ කතෝලික පල්ලි වලට ප්‍රහාර එල්ල කිරීම සැකකාරිය ආවේක්ෂන සිදු කර ඇති බව පැවසීය.

Read more

Local News