සංචරණ සීමා ඇති ප්‍රදේශවලින් කාර්යය මණ්ඩල ගෙන්වා ගැනීමට අදාළව නිවේදනයක්

Share

කොවිඩ් මර්දන කටයුතු පහසු කරවීම සඳහා දිවයිනේ තෝරාගත් ප්‍රදේශ ගණනාවක දැඩි සංචරණ සිමා පනවා ඇති බවත්, ඒ හේතුවෙන් එම ප්‍රදේශවලට හෝ එම ප්‍රදේශවලින් පිටතට මහජන සංචරණය දැඩි ලෙස සීමාකර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවලින් කාර්යය මණ්ඩල සාමාජිකයින් රැකියා ස්ථානයට ගෙන්වා ගැනීමට අත්‍යවශ්‍ය වූ අවස්ථාවලදී ඒ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම් දී ඒ ඒ අවස්ථාවට අනුකූලව අවසර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ සඳහා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා -I) 011 2671660 යන ෆැක්ස් අංකය වෙත පණිවිඩයක් යැවිය යුතු අතර, වැඩිදුර විමසුම් සඳහා 0117-966399 යන දුරකථන අංකය ඇමතිය යුතුයි.

Read more

Local News