කොරෝනා අසාදිත දේහයන් භූමදානයට අවසර නැ : වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

Share

කොරෝනා අසාදිත දේහයන් භූමදානය කිරීමට රජයෙන් අවසර දුන් බවට පලවන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශයක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සදහන් කළේය.

 

මාධ්‍ය වෙත අදහස් දක්වම්න් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඒ අනුව වර්තමානයේ පවතින විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු පදනම් කරගනිමින් තවමත් යම් අයෙකු මියගියහොත් සිදු කරනු ලබන්නේ ආදාහන ක්‍රියාවලිය බවයි.

එමෙන්ම මේ වනවිට සමාජ මාධ්‍යජාලා තුල මෙම නීති වෙනස් කල බවට තොරතුරු පළවුවත් එවැනි තීරණයක් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන නොමැති බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.

නමුත් ඊයේ (09) දිනයේ නිවේදනයක් නිකුත්කරමින් සිලෝන් තව්හිඩ් ජමාත් සංවිධානය සදහන් කරනුයේ මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ භූමිදානය කිරීමට රජය අවසර ලබා දී ඇති බවයි.

නිවේදනය පහතින්

Read more

Local News