ඊයේ(10) දිනයේ දී මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයින 430ක් වාර්තා වු අතර ඉන් වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 251ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 18ක් හදුනා ගෙන තිබේ.
කළුතරින් 16ක්, පුත්තලමෙන් 6 දෙනෙක්, රත්නපුරයෙන් 8ක්, මහනුවරින් 4ක්, කෑගල්ලෙන් 7ක් ලෙස ද වාර්තා වේ.
තවද, ගාල්ලෙන් ආසාදිතයින් 2ක්, ත්‍රිකුණාමලයෙන් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයා බැගින් වාර්තා වී ඇත.
ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 91 දෙනෙක් හඳුනාගෙන ඇති අතර, ඉන් 82 දෙදෙනෙක් කොටුව පොලිස් ස්ථානයෙන් හඳුනා ගෙන තිබේ.
මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද දිනය වන විට පුද්ගලයින් 64263 ක් නිරෝධාන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.
තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 28ක් තුළ පුද්ගලයින් 2277ක් නිරෝධායනය වෙම්න් සිටියි.
මේ අතර ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 8,272ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 619,108කි.
ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සිදුව ඇති කොවිඩ් මරණ ගණන 41ක් දක්වා ඉහළ ගොස් ඇත.




