ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කොළඹින්

Share

ඊයේ(11) දිනයේ දී මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයින 635ක් වාර්තා වු අතර ඉන් වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 264ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

එම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හඳුනාගැනුණු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බව ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 136 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 25 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන්18 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 5 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් සිව්දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් තිදෙනෙකු ද හඳුනා ගෙන තිබේ.

තවද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු සහ රත්නපුර, අම්පාර, නුවරඑළිය, බදුල්ල, යාපනය යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් ද හඳුනාගෙන ඇත.

Read more

Local News