තවදුරටත් හුදකලා වන ප්‍රදේශ

Share

හෙට(16) දිනයේ අලුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය යන පොලිස් වසම් හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර ති‌බේ.

 

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති පොලිස් වසම් 12 නැවත දැනුම් දෙනතුරු තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතී

එම ප්‍රදේශ 12 පහතින්

01.මට්ටක්කුලිය
02.මෝදර
03.බ්ලූමැන්ඩල්
04.කොටහේන
05.ග්‍රෑන්ඩ්පාස්
06.වෙරළබඩ පොලිස්වසම 07.ආදුරුප්පු වීදිය
08.මාලිගාවත්ත
09.දෙමටගොඩ
10.වැල්ලම්පිටිය 11.කෙසෙල්වත්ත
12.බොරැල්ල

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් වසම ද හෙට අලුයම 5.00 සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම දිස්ත්‍රික්කයේ මීගමුව , ජා-ඇල, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ, පොලිස් වසම් තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස පවතිනු ඇති.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබු සෙසු පොලිස් වසම් අද(15) අලුයම 5.00 සිට හුදකලා තත්ත්වයෙන් මුදා හැරී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News