කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Share

හෙට දිනයේ විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කර තිබේ.

 

හෙට පෙරවරු 8.30 සිට පස්වරු 7.30 දක්වා පැය එකොලහමාරක කාලයක් මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර ඇත.

ඒ අනුව, වාද්දුව, වස්කුඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, බෝම්බුවල, පයාගල, බේරුවල, මග්ගොන, අලුත්ගම, දර්ගානගරය සහ කළුවාමෝදර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

Read more

Local News