ඊයේ(15) දිනයේ දී මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 704ක් වාර්තා වුණි.
ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 541ක් වෙයි.
ඊයේ දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 39 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් 08 දෙනෙකු, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 07 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 5 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් සිව්දෙනෙකු හඳුනා ගෙන තිබේ.
තවද කළුතර දිස්ත්‍රික්කයෙන් තිදෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තිදෙනෙකු , මහනුවර දිස්ත්‍රික්කයෙන් තිදෙනෙකු බදුල්ල දිස්ත්‍රික්කයෙන් තිදෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු සහ මාතලේ, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් ද හඳුනාගෙන ඇත.
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 13,780 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් වාර්තාවන සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන 17,287 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් 11,495 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,734 ක් වෙයි.