කොළඹ සියලු අවධානම් කලාප වසා දමන්නැයි කොළඹ පුරපතිනිය යළිත් ඉල්ලීමක් කරයි

Share

රට තුල පවතින කොරෝනා වෙෙරස තත්ත්වය හමුවේ මතුව ඇති වාතාවරණය තුළ අවම වශයෙන් සති දෙකක කාලයක් හෝ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය වසාදමන ලෙස කොළඹ පුරපතිනිය රෝසි සේනානායක මහත්මිය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

 

ඇය මාධ්‍ය වෙත අදහස් දක්වම්න් වැඩිදුරටත් පැවසුවේ “කොළඹ නගරයේ මරණ සංඛ්‍යාව 28යි. කොළඹ මහනගර සභා සීමාවේ සියයට 70ක් පමණ මේ වනවිට හුදකලා තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මට්ටක්කුලියයි මෝදරයි හුදකලා කරලා තියෙනවා නමුත් මහවත්ත, අලුත් මාවත, ලුණුපොකුණ හුදකලා වෙලා නෑ. හුදකලා කරපු අතරමැද්දට හුදකලා නොවිච්ච තැන් කිහිපයක් තියෙනවා. වටේම හුදකලා කරලා මැද ප්‍රදේශ ඇරියාම ඒකේ කටිටිය එහාට මෙහාට යනවා. ඒ හේතුව නිසාම සමහර හුදකලා කරපු ප්‍රදේශවලත් නිරෝධායනය කරපු අයත් රැකියාවට යනවා. රජයට විතරක් වගකීම දීලා එක එක්කෙනා විවේචනය කිරීම නෙමෙයි අපි කරන්නේ. අපි සියලුදෙනාම මැදිහත්වෙලා මේකෙන් ගොඩ එන්න. මම කැමති නෑ කොවිඩ් හේතු කරගෙන රජය ෆේල් වෙනවට.” බවයි.

ඇය වැඩිදුරටත් සදහන් කළේ “කොවිඩ් සමග ජීවත්වෙනවා කියන්නේ කොවිඩ් දෙවන රැල්ල සමග ජීවත්වෙනවා කියන එක නෙමෙයි. කොවිඩ් සමග ජීවත්වෙන්න නම් දෙවැනි රැල්ල අනිවාර්යෙන් පාලනය කළ යුතුයි. අපි දැඩි සංචරණ සීමා දාලා නගරය දැඩි පාලනයකට යටත් කරලා කිසිකෙනෙකුට නගරයට ඇතුළු නොවන විදිහටත් කිසිකෙනෙකුට හුදකලා කරපු තැන්වලින් එළියට බහින්න බැරිවෙන විදිහට දැඩි පාලනයක් යටතේ මේක පාලනය කරේ නැත්නම් ලොකු ව්‍යවසනයකට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා. ඊයේ මට්ටක්කුලිය ප්‍රදේශයේ සමහර තැන්වල නිරෝධායනයට ලක්කරපු පවුල්වල අය නිවෙසින් බැහැරව රැකියා ස්ථානවලට යනවා කියන එක අපිට හඳුනගන්න ලැබුණා. මරණ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. කොළඹ නගර සභා සීමාව තුළ ජීවත්වෙන වයස්ගත පුද්ගලයින් සංඛ්‍යාව වැඩියි. ඒ අයව බේරගන්න පුළුවන්කමක් තියෙනවාද කියන එකත් අද ප්‍රශ්නයක්.  ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියලා කොච්චර කිව්වත් පැල්පත්වාසීන්ට එහෙම කරන්න අවකාශයක් නෑ. එහෙම කරන්න නම් මේ අවස්ථාවේ රජය විසින් දැඩි පාලනයකට යටත් කරමින් කටයුතු කළ යුතුයි. දින 14ක් දින 21ක් අතර කාලයක් ලොක්ඩවුන් කිරීමක් කරලා මේක පාලනය කළේ නැත්නම් භයානක තත්ත්වයක් ඇති වෙයි,” යනුවෙනි.

Read more

Local News