අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු වැසි

Share

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර එය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මෙම පද්ධති මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම මේ සමගම අඩු වී යයි.

වයඹබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් යාපනයමන්නාරමගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News