ධවල මන්දිරයෙන් පිටවීමට සූදානම් වන ට්‍රම්ප්

Share

ජෝ බයිඩ්න්ට අමෙරිකාවේ ඡන්ද විද්‍යාල නියෝජිතයින්, ඡන්දය ලබාදෙන්නේ නම් තමන් ධවල මන්දිරයෙන් පිටවිමට සුදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

තවද ඡන්ද විද්‍යාල නියෝජිතයන්, ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස නම් කරන්නේ නම් තමා පරාජය භාරගන්නා බවත් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කළේය.

අමෙරිකාවේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා තීරණය කරන මෙම නියෝජිත කණ්ඩායම ලබන මස 14 වැනිදා හමුවීමට නියමිතයි.

ජෝ බයිඩ්න් ඉකුත් නොවැම්බර් 3 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ආසන 306 ක් දිනාගනිමින් ජයගත් අතර ජනපති ට්‍රම්ප් දිනාගත්තේ ආසන 232ක් පමණි.

කෙසේවෙතත් මැතිවරණ දූෂණ සිදුවූ බව පවසන අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මෙතෙක් සිය පරාජය පිළිගෙන නොමැත.

Read more

Local News