ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා නැමැත්තා අබුඩාබි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා දිනයේ අබුඩාබි පොලීසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
2018 වසරේ මැයි මස 24 වනදා රත්මලාන ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී හිටපු නාගරික මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කෙරිණි.




