සැකකරුවන්ගේ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය ඇති අව් කන්නාඩි විශේෂයක්

Share

අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය අන්තර්ගත අව් කන්නාඩි විශේෂයක් භාවිතා කිරීම චීන පොලිසිය විසින් ආරම්භ කර ඇත. මෙම අව් කන්නාඩි පාවිච්චි කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් හැකි වී ඇති බව චීන පොලීසිය පවසයි.

එම අව් කන්නාඩිය අපරාධවලට සම්බන්ධවූවන්ගේ සහ නීතියේ රැහැනින් පලා යන පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් දත්ත ගබඩාවකට සම්බන්ධ කර ඇති අතර එය පැලඳි පොලිස් නිලධාරීන්ට විශාල පිරිසක් අතර සැඟවී සිටින සැකකරුවන් හඳුනාගැනීමට හැකියාව ලබා දෙයි.

එසේම කාර්ය බහුල දුම්රිය ස්ථානවල එම අව් කන්නාඩි භාවිතා කරමින් සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසියට හැකි වී ඇති අතර මෝටර් රථ අනතුරු සිදු කර පලා ගිය පුද්ගලයන්, මිනිස් ජාවාරමේ යෙදෙන්නන් ඇතුළු සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කරන්නන් හඳුනා ගැනීමට ද එම අව් කන්නාඩි උපකාර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News